අම්පාර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලද විශේෂ පුහුණුවීමක් අතරතුරදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසූරිය ප්‍රකාශ කරයි.
අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා අද (20) දින පිටත්ව ගොස් ඇති අතර අඩි 8000ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී පැරෂූට් දෙක එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
