අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු ඉංගිරිය ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පුද්ගලයා විසින් රිදීගම ප්‍රදේශයේ පුද්ගලයින් ඔස්ට්‍රේලියාව වෙත යවන බව පවසා මුදල් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ‘ඊයේ දින රිදීගම පොලිස් ස්ථානය මඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඉංගිරිය ප්‍රදේශයේ දී. අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් රුපියල් එකොළොස් ලක්ෂ පනස්දහසක පමණ මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්.
මේ පුද්ගලයා විසින් රිදීගම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඔවුන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා එම මුදල ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව සිදු කරන ලද විමර්ශනයක දී අදාළ පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අද දින රම්බඩගල්ල අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම විමර්ශනය ආරම්භ කරන ලද්දේ, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු ලිපියකට අනුව. එම ලිපියේ සඳහන් කර තිබුනේ මෙවැනි පුද්ගලයෙකු වංචනික ආකාරයට ක්‍රියා කරන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත තොරතුරු ලැබී ඇති බව. ඒ අනුව, ආරම්භ කරන ලද විමර්ශනය අනුව මෙම වංචනික පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ ආකාරයට ප්රභූන්ගේ හිතවතුන් බවට පවසමින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා වංචනික පුද්ගලයින් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වෙනවා. නිරන්තරයෙන් මෙවැනි පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන්න. කිසිම අවස්ථාවක මෙවැනි වංචනික පුද්ගලයින්ගේ ක්‍රියාවලට රැවටෙන්න එපා. මේ ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන්න.’ යනුවෙන් සඳහන් කළා.
