Advertise with Giraya
NEWS

කොළඹින් යළිත් 100 ඉක්ම වු ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 89,175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (18) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 313 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 278 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 24 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 11 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

වැඩිම ආසාදිතයින් ගණනක් ඊයේ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතයින් 56ක්ම වාර්තා වී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයෙන් ය.

Giraya News Alerts

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 106
  • ගම්පහ දිස්ත්‍රික්කය – 66
  • මාතර දිස්ත්‍රික්කය – 29
  • මහනුවර දිස්ත්‍රික්කය- 16
  • වව්නියාව දිස්ත්‍රික්කය – 12
  • ගාල්ල දිස්ත්‍රික්කය – 10
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 09
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 08
  • කළුතර දිස්ත්‍රික්කය – 07
  • අම්පාර දිස්ත්‍රික්කය – 06
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 06
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 05
  • යාපනය දිස්ත්‍රික්කය – 05
  • මාතලේ දිස්ත්‍රික්කය – 05
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 03
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 02
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය- 01
  • පුත්තලම දිස්ත්‍රික්කය – 01
  • කිළිනොච්චි දිස්ත්‍රික්කය- 01
  • මන්නාරම දිස්ත්‍රික්කය – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍2693ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 85,944 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 538ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top