Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 537ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 537කි.

535 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. කොවිඩ් නියුමෝනියා තත්ත්වය, හෘද රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනය හේතුවෙන් මාර්තු මස 16 වන දින මරණයට පත් වී ඇත.

536 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පොල්ගස්ඔ්විට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත. මාර්තු මස 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ අක්මාව අක්‍රීය වීම. කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Giraya News Alerts

537 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ආඬිගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හලාවත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. මාර්තු 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ අක්මාව අක්‍රීය වීම, වකුගඩු රෝගී තත්ත්වය, සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top