Advertise with Giraya
NEWS

සීනි මගඩියෙන් ජනතාවගේ අවධානය වෙනස් කරන්න බුර්කා තහනම ගෙනාවා – රවුෆ් හකීම්

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් පැවසූ දේ වැරදි ආකාරයට අර්ථ කථනය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසනවා.

එමෙන්ම, සීනි ආනයනයේ දී සිදු වූ බදු වංචාව පිළිබඳ ජනතාවගේ අවධානය වෙනස් කිරීමේ අරමුණින් බුර්කා තහනමක් පිළිබඳව රජය විසින් කතිකාවතක් නිර්මාණය කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) දින මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Giraya News Alerts

එහිදී, “අසාද් සාලි මහතා ඇත්ත වශයෙන්ම අදහස් කළේ, මුස්ලිම් ජනතාවට මේ රටේ නීතියට ගරු කරන්නෑ කියන අදහසින් එතුමා ඒක කිව්වායි කියලා මං පිළිගන්නේ නෑ. මං නම් හිතන්නේ එතුමා කිව්වේ මේ රටේ අනුගමනය කරන පුද්ගලික නීතීන් තියෙනවා. දැන් විවාහ කටයුතු වැනි දේවල්වලට පුද්ගලික නීති පද්ධතියක් දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරන සිරිතක් තියෙනවා. ඉතින්, ඒ පිළිබඳවයි එතුමා කතා කළේ. කියපු ආකාරයට වෙනත් විදියකට මේ කියපු කතාව වැරදි විදියකට අර්ථ කථනය වෙලා තියෙනවා. ඒ ගැන හරි කණගාටු‌ වෙනවා.

දැන් සීනි මගඩියක් වෙලා තියෙනවානේ. දැන් මේ වගේ මොකක් හරි විශාල දූෂණයක්, වංචාවක් වෙනකොට ඒකෙන් ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ වගේ මොකක් හරි අලුත් වැඩක් ඉස්සරහට ගෙනත් දානවා.” යනුවෙන් පැවසුවා.

එමෙන්ම, සාකච්ඡාවෙන් තොර නෛතික විසඳුම් හරහා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව ද ඔහු පැවසුවා.

“විශේෂයෙන්ම ඇඳුම කියන කාරණාව ස්වේච්ඡාවෙන්ම ඒ ජනතාව අතරේ සාකච්ඡා කරලා වෙනස් කර ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒක හැර නීති මාර්ගයෙන් මේවට විසඳුම් හොයන්න ගිහිල්ලා තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා කියන එකයි මං දකින්නේ.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top