Advertise with Giraya
NEWS

බැඳුම්කර වංචාවට රවී කරුණානායක ඇතුළු 08ක් රිමාන්ඩ්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 08 දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(17) නියෝග කළා.

ඒ, 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 36.98ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ යටතේ ය.

දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉසුර්දීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැඳවනු ලැබීය.

Giraya News Alerts

මෙහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර, රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනයි.

ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, තිස්ස රන්ජන් හුළුගල්ලේ සහ මුතුරාජා සුරේන්ද්‍රන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සංගරපිල්ලේ පදුමනාදන්, සේවක අර්ථ සාධක අරමුදලේ විධායක නිලධාරියෙකු වූ ඉන්දික සමන් කුමාරද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වන දා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top