Advertise with Giraya
NEWS

යළිත් වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 88,524ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (16) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 286 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 250 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 24 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 12 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 94
  • කොළඹ දිස්ත්‍රික්කයෙන්- 54
  • කළුතර දිස්ත්‍රික්කයෙන් – 26
  • රත්නපුර දිස්ත්‍රික්කයෙන් – 20
  • පුත්තලම දිස්ත්‍රික්කයෙන් – 17
  • ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 15
  • බදුල්ල දිස්ත්‍රික්කයෙන් – 15
  • මඩකලපුව දිස්ත්‍රික්කයෙන් – 07
  • මාතර දිස්ත්‍රික්කයෙන්- 05
  • මහනුවර දිස්ත්‍රික්කයෙන්- 04
  • මාතලේ දිස්ත්‍රික්කයෙන් – 04
  • කෑගල්ල දිස්ත්‍රික්කයෙන් – 04
  • අම්පාර දිස්ත්‍රික්කයෙන්- 01
  • මන්නාරම දිස්ත්‍රික්කයෙන්- 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් – 01
  • යාපනය දිස්ත්‍රික්කයෙන් – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍2619ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 85,371 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 534ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top