Advertise with Giraya
NEWS

අසාද් සාලිගේ මෝටර් රථයෙන් විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හමුවෙයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද අදාළ ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (16) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top