Advertise with Giraya
NEWS

මහනුවර හා මීගමුව ප්‍රදේශවලින් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 534කි.

533 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහනුවර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා මාර්තු මස 15 වන දින මරණයට පත් වී ඇත.

534 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහල වෙත මාරු කර යවා ඇත. මාර්තු මස 16 වන දින මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ හාද රෝගී තත්ත්වය, කොවිඩ් නියුමෝනියා තත්ත්වය, අධි රුධිර පීඩනය, උග්‍ර දියවැඩියා තත්ත්වය සහ වකුගඩු රෝගි තත්ත්වයයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top