බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු අමාතයාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව මෑත කාලිනව මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර එය දැන සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. පාස්කු ඉරුදින එල්ල වූ ප්රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ විමර්ශනයට අනුව, ජාතික ආරක්ෂාව හේතුවෙන් අවශ්‍ය වන පූර්වාරක්ෂාව මෙම යෝජනාව සඳහා පදනම් වි තිබේ.
රජය අදාළ සියලු පාර්ශවයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇත.
