රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 124ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අක්කරෙයිපත්තු ඔලුවිල් ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 39ක් සහ 58ක් වන අඩ්ඩාලච්චෙන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 124ක්, අර්ධ වශයෙන් මුද්‍රණය කර තිබූ 5000 නෝට්ටු 20ක්, ව්‍යාජ නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් උපකරණ රැසක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාර දීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
