සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 525කි.
526 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. අක්කරෙයිපත්තු මූලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලටත් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙතටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවිමේ කම්පනය, ශ්වසන පද්ධතියේ ආසාදනය, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු ආසාදනයයි.
527 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යයතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, කොවිඩ් ආසාදනය සහ උග්‍ර වකුගඩු ආසාදනයයි.
528 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික රෝහලේ දී 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.
529 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රාගම වල්පොළ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂ වීමේ කම්පනයයි.
530 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගී තත්ත්වයක්, උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයක්, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.
