Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

දැන් ලොකුම වංචාව රෙකෝඩ් එක තියාගෙන යන්නේ සීනි වංචාව

සීනි ආනයන බද්ද අහිමි කිරීමෙන් රජයට රු. කෝටි 1590ක මුදලක් අහිමි කිරිමේ සිද්ධිය අපරාධමය වර්ගයේ දඬුවමක් හිමි විය යුතු වංචාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරනවා.

සීනි ආනයන බදු අඩු කිරීමෙන් රජයට රු.කෝටි 1590 ක මුදලක් පාඩු වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් පසු අද (12) දින මාධ්‍ය වෙත සිය අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.

‘විශේෂයෙන්ම දැන් අපිට කියන්න තියෙන්නේ, මේ අය කිව්වා නම් ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව, ගණුදෙනුව සිදු වුනේ මහ බැංකු ගණුදෙනුව කියලා. ඒ වගේම ඒකත් සිද්ධ වුනා. දැන් ලොකුම ගණුදෙනුව බවට රෙකෝඩ් එක තියාගෙන යන්නේ මේ සීනි වංචාව. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම මේක අපරාධමය නීතියට අදාළ කාරණාවක්. අපරාධමය වර්ගයේ දඬුවමක් දෙන්න ඕනේ කාරණාවක්.

Giraya News Alerts

ඒ නිසා විශේෂයෙන්ම රටේ මහජනතාවටයි මේ වංචාව කරලා තියෙන්නේ. පෙත්සම ගොනු කරන අපිට නෙමෙයි මේ වංචාව, අපිත් අදාළ කරලා මේ රටේ මහජනතාවට, පුරවැසියන්ට සිද්ධ කරපු බරපතල වංචාවක්.

ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි සීනි නැවක් ලංකාවට ගේන්නේ. සීනි ගේනකොට ගේන්නේ පිටි, හාල්, පරිප්පු ඒවත් එක්ක. නමුත් පළමුවැනි වතාවට සීනි නැවක් ලංකාවට ගේනවා.’

රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා මෙම බදු සහනය ලබා දුන් බවට පවසන අදහස් පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට ද සුනිල් හඳුන්නෙත්ති මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

ජනතාවට සහන දෙන්න ගියා නම්, ජනතාවට අවංකව උවමනාවකින් කටයුතු කරා නම් මේ කතිපයාධිකාරිය, මේ ඒකාධිකාරය බිඳින්න ආණ්ඩුවට බැරි වුනේ මොකද? ජනතාවට ඒ සහනය ලැබිලා නෑනේ.

අද මුදල් අමාත්‍යාංශයේ මුදල් කාරක සභාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවලින් පිළිගන්නවා මේ සහනය ජනතාවට ලැබුන්නෑ කියලා. මේ සහනය මෙතැන ජනතාවට ලැබුනා නම් ඇත්තටම පාඩුවක් නැහැ. ජනතාව කියන්නේ විල්මා සමාගම නෙමෙයි. ජනතාව කියන්නේ ආණ්ඩුව බලයට ගෙනාපු කුප්‍රකට ව්‍යාපාරික හවුලේ තුන්හතරදෙනා නෙමෙයි. ජනතාව කියන්නේ දෙකෝටි විසිපන් ලක්ෂයක ජනතාව මිසක මේ එක්කෙනෙක් දෙන්නෙක් කියන එක නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කවුරුහරි හිතනවා නම් ජනතාව කියන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් කියලා ඒක ලොකු වැරැද්දක්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top