මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (11) දියේ ගිලී අතුරුදන්ව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
මහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක දළුපොතගම පදිංචිකරුවන්ය. මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
