Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 520ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්- 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 520කි.

516 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහලටත් නැවත නාවලපිටිය දිස්ත්‍රික් රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නියුමෝනියාව සහ කොවිඩ් ආසාදනයයි.

517 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අඟුලාන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, හෘද රෝගී තත්ත්වය සහ කොවිඩ් ආසාදනයයි.

Giraya News Alerts

518 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

519 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බිබිල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හම්බන්තොට මූලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නියුමෝනියාව සහ කොවිඩ් ආසාදනයයි.

520 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top