Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොහුවල මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළ සිරුර හඳුනා ගනියි

කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබි සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මණ පරීක්ෂණය අද (11) දිනයේ දී පැවැත්වීමට නියමිතය.

රජයේ රස පරීක්ෂකයා ද එම ස්ථානය නිරීක්ෂණයට පැමිණෙන බව පොලීසිය පැවසුවේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගත් බවයි.

Giraya News Alerts

අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි හැවිරිදි (33) හැවිරිදි ව්‍යාපාරිකයකු පොලිසිය කියයි.

මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන ගෙන මෝටර් රථයෙන් ගමන් කරමින් ගමන් කරන අතරතුර අතර තුර ඔහුගේ මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top