අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුව ගැනීමට කොළඹ මහාධිකරණය අද (10) වරෙන්තු නිකුත් කළා. ඒ, 2015 වසරේ දී තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුව සඳහා ඇය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඇයගේ නීතීඥයින් ද අධිකරණය හමුවේ පෙනී නොසිට ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කළේය. කෙසේවෙතත්, වරෙන්තු නිකුත් කර විනාඩි කිහිපයකට පසුව ඇය අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
අනතුරුව නඩුව ජුනි මස 17 වනදා කැඳවීමට නියම කළේය.
