Advertise with Giraya
NEWS

මාර්තු 09 වන දිනයේත් වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 86,343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (09) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 283 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 05 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 16 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කය – 58
  • රත්නපුර දිස්ත්‍රික්කය – 42
  • ගාල්ල දිස්ත්‍රික්කය – 32
  • කොළඹ දිස්ත්‍රික්කය – 29
  • මහනුවර දිස්ත්‍රික්කය – 18
  • මන්නාරම දිස්ත්‍රික්කය – 17
  • මුලතිව් දිස්ත්‍රික්කය – 13
  • යාපනය දිස්ත්‍රික්කය- 12
  • කළුතර දිස්ත්‍රික්කය- 10
  • පුත්තලම දිස්ත්‍රික්කය- 10
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 07
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 06
  • මාතලේ දිස්ත්‍රික්කය – 05
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 04
  • මඩකලපුව දිස්ත්‍රික්කය- 03
  • මාතර දිස්ත්‍රික්කය – 03
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 03
  • අම්පාර දිස්ත්‍රික්කය – 02
  • බදුල්ල දිස්ත්‍රික්කය – 02
  • මොණරාගල දිස්ත්‍රික්කය – 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍3‍079ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 82,763 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 04 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 511ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top