Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 511ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 511කි.

508 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොවිඩ් ආසාදනය සහ උග්‍ර දියවැඩියාවයි.

509 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හොරපේ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර ආඝාතනය, කොවිඩ් ආසාදනය, උග්‍ර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.

Giraya News Alerts

510 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අකුරණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු අක්‍රීය වීමයි.

511 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රාගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, පිළිකා රෝගී තත්ත්වය සහ උග්‍ර දියවැඩියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top