ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 86,039ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (08) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 344 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 312 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 22 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 10 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කය – 65
- කොළඹ දිස්ත්‍රික්කය – 54
- ගාල්ල දිස්ත්‍රික්කය – 47
- රත්නපුර දිස්ත්‍රික්කය – 28
- යාපනය දිස්ත්‍රික්කය – 26
- මොණරාගල දිස්ත්‍රික්කය – 18
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 11
- මහනුවර දිස්ත්‍රික්කය – 09
- බදුල්ල දිස්ත්‍රික්කය – 09
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 08
- කළුතර දිස්ත්‍රික්කය – 08
- මඩකලපුව දිස්ත්‍රික්කය – 08
- මාතලේ දිස්ත්‍රික්කය – 07
- අම්පාර දිස්ත්‍රික්කය – 06
- කෑගල්ල දිස්ත්‍රික්කය – 06
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 06
- මාතර දිස්ත්‍රික්කය – 05
- පුත්තල දිස්ත්‍රික්කය – 04
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 03
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 03
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
- වව්නියාව දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 3019ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 82,513 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 05 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 507ක් ලෙස සටහන් වේ.
