Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ස්විස් තානාපති කාර්යාල සේවිකාවට අධි චෝදනා

තමා පැහැරගෙන ගොස් ලිංගික හිංසා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් පිරිසකට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව කොළඹ 03 මහාධිකරණයේදී අධි චෝදනා භාර දි තිබෙනවා.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක 2019 නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එය රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක ස්වරූපයක් දරන්නක් ද විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top