Advertise with Giraya
NEWS

වේල්ලවීදියෙන් හමු වූ තරුණියගේ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්ෂණයේ වාර්තා නිකුත් වෙයි

වේල්ලවීදියෙන් හමු වූ හිස නැති තරුණියගේ මළ සිරුරේ ඩී.එන්.ඒ. සාම්පල කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ මවගේ හා සොයුරාගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල සමඟ ගැළපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.

රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්. ජයමාන්න විසින් එම වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාවෙන් දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල ඇයගේ මව සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ. සාම්පල සමඟ සැසඳෙන බවයි.

කෙසේවෙතත්, ඝාතනය වූ තරුණියගේ හිස තවමත් සොයා ගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, තරුණිය ඝාතනය කරන ලද පොලිස් උප පරික්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඔහුගේ නිවස ආසන්නයේ අදාළ බෑගය පුළුස්සා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා නිවසට එන විට හැඳ සිටි ටී ෂර්ටය ද පුළුස්සා ඇති බව මීට පෙර පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top