Advertise with Giraya
NEWS

19 හැවිරිදි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 507කි.

503 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ඇදුම රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

504 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 06 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ මොළයේ ඇති වූ ගැටිත්තකි. (Tumor)

Giraya News Alerts

505 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දර්ගා නගරයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.

506 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 මාර්තු 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, උග්‍ර වකුගඩු හානිවිම, කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

507 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ජා ඇල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 08 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top