Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොවිඩ් ආසාදිතයෙකු මුල්ලේරියාව රෝහලෙන් පලා යයි

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු ඊයේ (07) එම රෝහලෙන් පලාගොස් තිබෙනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 9 ට පමණ අදාළ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top