Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට බිලි වූ පුද්ගලයින් ගණන 500 ඉක්මවයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 502කි.

498 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මාර්තු මස 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ මොළයට ලේ වහනය වීමයි.

499 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත් මාරු කර යවා ඇත. මාර්තු මස 07 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වනුයේ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ පෙනහළු ආසාදිත තත්ත්වයයි.

Giraya News Alerts

500 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මාර්තු මස 07 වන දින මියගොස් ඇත. පිළිකා රෝගී තත්ත්වය හා කොවිඩ් ආසාදිත තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වේ.

501 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මාතර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. දඹදෙණිය මූලික රෝහලට ඇතුල් කරන අවස්ථාවේ දී පෙබරවාරි මස 25 වන දින මිය ගොස් ඇත. කොවිඩ් තත්වය මහ උග්‍ර වූ හෘද රෝගී තත්ත්වය මරණයට හේතුවයි.

502 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කන්නත්තොට ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කරවනැල්ල මූලික රෝහලේ දී 2020 දෙසැම්බර් මස 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top