කුරුවිට තරුණියක ඝාතනය කර සියදිවි නසාගත් බුත්තල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයේ අවසන් කටයුතු ඊයේ (06) රාත්‍රී 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.
මිය ගිය අය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කටයුතු පවත්වා අවසන් වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රියේ දී ඥාතීන්ට බාරදී තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට පොලීසිය කිසිදු ගෞරවයක් නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ පැවසුවා. යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මිය ගිය පසුව හෝ සියදිවි නසා ගැනීමක් සිදුකර ගතහොත් එවැනි නිලධාරියෙකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුළට නොගෙන ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිලධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි නිවසට වි පසු වී තිබෙනවා. පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කර ඇත.
