Advertise with Giraya
NEWS

‘කළු ඉරිදා’ නිහඬ විරෝධතාවය ඇරඹේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්නැයි බල කරමින් අද (07) දින කතෝලික ජනතාව දිවයින පුරා පිහිටි දේවස්ථානවල කළු ඇඳුමින් සැරසී නිහඬ විරෝධතාවයක නිරත වෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම හා වින්දිතයන්ට නිසි සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් කොළඹ අගරදගුරු සම්මේලනය විසින් අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස ප්‍රකාශයට පත් කළා.

දේවමෙහෙයන් හා යාඥාවන් පැවැත්වීමෙන් අනතුරුව කතෝලික ජනතාව කළු ඇඳුමින් සැරසී දේවස්ථාන ඉදිරිපිදී නිහඬ විරෝධතාවයක නිරත වෙයි.

Giraya News Alerts

විනිවිදභාවය තහවුරු කළ පරීක්ෂණයකින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කඩිනමින් අනාවරණය නොවන්නේ නම් කළු ඉරිදා විරෝධතාවයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ.

මෙම විරෝධතාවයන්ට සහය පළ කරන බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සඳහන් කළා. කෙසේ වෙතත්, මෙම විරෝධතාවය දේශපාලනීකරණය නොකරන්නැයි අගරදගුරු පදවිය සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලිමක් ද සිදු කර තිබුනා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top