Advertise with Giraya
NEWS

තවත් කොරෝනා මළ සිරුරු 7ක් භූමදානය කරයි

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ තවත් පුද්ගලයින්ගේ සිරුරු 7ක් අද (06) දිනයේ දී මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මෘත ශරීරාගාර තුළ තැන්පත් කර තිබෙන මළ සිරුරු මෙලෙස භූමදානය කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමේ දී කිසිදු අවස්ථාවක ජනවර්ගය පදනම් කර නොගන්නා බව ද වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

Giraya News Alerts

එමෙන්ම, කොරෝනා මෘත දේහ භූමදානයට සුදුසු භූමි ප්‍රදේශ ඇත්නම් ඒවා නම් කර එවන ලෙස දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම දැනුම් දී ඇති බවත් ඒ පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ තාක්ෂණික කමිටුව විසින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මළ සිරුරු භූමදානය කිරීමේ වැඩපිළිවෙල ඊයේ (05) දිනයේ දී ආරම්භ විය. ඒ අනුව, වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ විශේෂ භූමියක් තුළ ඊයේ කාන්තා මෘත දේහ 04ක් සහ පිරිමි මෘත දේහ 05ක් භූමදානය කරනු ලැබුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top