Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පලංචි කණු තුළ සඟවා ගෙනා නීතිවිරෝධි චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක් ( 90,816,000 ) ක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගොඩනැගිලි ඉදිකිරීම සදහා භාවිතා කරන පලංචි කණු ලෙස ප්‍රකාශ කරමින් , කොළඹ වරායට බහාලුමක් තුළ එවා තිබියදී ග්‍රෑන්ඩ්පාස් ග්‍රේ ලයින් 02 අංගනයේ රේගු පරීක්ෂණ නිලධාරීන් විසින් අද (05) දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසයි.

කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි අඩංගු පලංචි කණු තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට අඩි 20 ක් දිගැති බහාලුමක් තුළ පෙබරවාරි 28 වන දින කොළඹ වරායට ගෙන්වා තිබුණි.

අද දින මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට මෙම පලංචි කණු වල නිමාවේ තිබූ අසාමාන්‍යතා මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හේතු වී තිබුණි.

Giraya News Alerts

මෙම බහාලුම තුළ අඩි 10 ක් දිග අඩි 4 × 4 ප්‍රමාණයේ , දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබූ පලංචි කණු 344 ක් තුළ මෙම දුම්වැටි කාටූන් 22 බැගින් සගවා තිබුණි.

ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06 කට අයත් , දුම්වැටි 1513,600 ක් (පහලොස් ලක්ෂ දහතුන් දහස් හය සියයක් ) අඩංගු, දුම්වැටි කාටූන් 7,568 ක් මෙම පලංචි කණු තුළ සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

මෙම දුම්වැටි සහිත පලංචි කණු මෙරටට ආනයනය කළ ආනයනයකරු සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top