සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ මවක් දරුවකුට අමානුෂික ලෙස පහරදීම සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝව පටිගත කළ පුද්ගලයා සහ එම පහරදීම සිදු කළ යාපනය මණියම්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි කාන්තාව පසුගිය දා (03) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා දරුවාට පහර දෙන ආකාරය වීඩියෝ කර ඇත්තේ විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා මුදල් ලබා ගැනිමේ අරමුණින් බවට පොලීසියට තොරුතුරු වාර්තා වී තිබෙනවා.
අදාළ පුද්ගලයින් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින එම කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බව ද පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් පොලීසිය තවදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් දෙදෙනා ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
මාස 9ක් පමණ වන දරුවාට පහර දුන් 24 හැවිරිදි කාන්තාව ත්‍රිකුණාමලයේ පදිංචි කාරියක වන අතර ඇය විදේසගතව සිට යාපනයට පැමිණ කුලී නිවසක ජිවත්වී තිබේ.
ඇගේ සැමියා පවුලේ උදවියට ජීවත්වීම සඳහා මුදල් ලබා නොදීමත් ඔහු ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණීමත් නිසා තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව ඇය පොලිසියට පවසා තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව සහ දරුවා මාර්තු මස 09 වැනි දා දක්වා පරිවාස භාරයට පත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා මාර්තු 02 වැනි දින නියෝග කළා.
