සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 0ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 489කි.
485 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි. මාවනැල්ල රෝහලෙන් කෑගල්ල මූලික රෝහලට මාරු කර යවා ඇති අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මහනුවර රෝහලට මාරු කර ඇත. පෙබරවාරි 22 වන දින එම රෝහලේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
486 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට මාරු කර යවා ඇති අතර මාර්තු 04 වන දින මිය ගොස් ඇත.
487 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක දී මාර්තු 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හදවත් රෝගී තත්ත්වය, කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු හානි වීමයි.
488 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර මාර්තු 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිත තත්ත්වය සහ ශ්වසන පද්ධතිය අක්‍රීය වීමයි.
589 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. මාර්තු 02 වන දින එහිදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීමේ කම්පනය, කොවිඩ් නියුමෝනියා තත්ත්වය, උග්‍ර වකුගඩු හානි වීම හා පිළිකා රෝගී තත්ත්වයයි.
