වේල්ලවීදිය ප්රදේශයේ මාර්ගයේ ගමන් මල්ලක තිබී හමු වූ තරුණිය ඝාතනයේ් ප්රධාන සැකකරු වන උප පොලිස් පරීක්ෂකවරයා සිය දිවි නසා ගැනීමට පෙර තම බිරිඳට ලියන ලද ලිපියක් හමුවී තිබෙනවා.
එම ලිපියේ මෙලෙස සඳහන් වී තිබේ.
‘අම්මාට,
මට සමාවෙන්න, මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහෙ වැඩ කළත් මම එක දුන්නේ පවුලට. එය එසේ වෙද්දි, SI අන්කල්, SI අන්කල් කිය කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ලං වුනා. එයා දැනගත්තා මගේ ලමයිට මං කොච්චර ආදරේද කියලා. මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ලමයටත් මගේ දරුවෙකුට වගේම සලකන්න කිවා. එයා එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කරා. ඉල්ලපු හැමදේම දුන්නා.පසුවට ඔයාටයි ලමයිටත් එක්කත් බනින්න ගත්තා. මට එපා වුනා. නවත්තමු මේ සම්බන්දෙ කිවා. එහෙම බෑ කියලා නොයෙක් දේ කලා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ, කේන්තිය ගෑනියක් හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියේ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්නා තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුනොත් මාව හොයාගන්නකම් ඔයාලට පොලීසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලීසියට පෙනෙන්න කර ගන්නවා.එතකොට ඔයාලාට වද දෙන්නේ නැෑ. අවනම්බුවක් වෙයි.ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මං දන්නේ නෑ ලෝකෙ ගැන නොදැන නෙවෙයි මම මේවට පැටලුනේ. ඒත් දැන් ඉතිරි වෙලා නෑ කිසි දෙයක් ඔයා හිතෙන් විදපු වේදනා මම මගේ ජීවිතෙන්ම විදිනවා. එක මගේ වරද. මම නැති වුනාට ඔයාලා බලා ගන්න කෙනෙකුට ඇති. අවුරදු ගණන් හිරබත් කන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම වෙන්න තිබුන නම් හොඳයි කියලා හිතනවා. මගේ ලමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා. ඒකයි ලෝක ධර්මය. දැනටමත් මාව CID එකෙන් හොයනවා. පොලීසියෙන් ආවොත් ඇත්ත තත්වෙ කියන්න. කාලයක් තිස්සෙ වුන දේ… ආදරේ කිය කිය ඉදලා වෛර කළා මට සමාවෙන්න. තෙරුවන් සරණයි.
පිටු 4කින් යුත් එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.




