පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න හට උපදෙස් දී තිබෙනවා.
අනතුරුව දණ්ඩ නීති සංග්‍රහය සහ වධ හිංසා පණත යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.
අදාළ පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකු මේ වනවිටත් වැඩ තහනමට ලක්ව සිටිනවා.
පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් අනුව පොලිස් කණ්ඩායම් දෙකක් සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රි ගුණරත්නගේ පුත්‍රයෙකු වන මිගාර ගුණරත්න හට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන් විසින් පහර දි තිබෙනවා.
මේ අතර, මෙම පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් නීතීඥයින් පිරිසක් අද (03) සවස 04 ට පෑලියගොඩ පොලීසිය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක නිරතවීමට නියමිතය.
සම්බන්ධිත පුවත්
- නීති සිසුවාට පහරදීමේ සිද්ධියේ විමර්ශන පෑලියගොඩ පොලීසිය ඉවතට
- පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරයි
- නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්
- හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුතාට පොලීසියෙන් පහර දීලා
