Advertise with Giraya
NEWS

වේල්ලවීදිය තරුණියගේ සිද්ධියට අදාළ සැකකරුගේ සිරුර බඩල්කුඹුරින් හමුවෙයි

වේල්ලවීදියෙන් හමු වූ හිස නොමැති කාන්තා මළ සිරුර හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 52 හැවිරිදි පොලිස් උප පරීක්ෂකරවරයාගේ සිරුර බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

ඝාතනය කරන ලද තරුණියගේ සිරුර බෑගයක දමාගෙන වේල්ල වීදියට රැගෙනවිත් තිබු අදාළ සැකකරු බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පරීක්ෂකවරයා සිය දිවි හානි කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කරයි.

ඔහු මිය ස්ථානය අසල තිබී වස කුප්පියක් ද හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Giraya News Alerts

අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක උප පරීක්ෂකවරයා කලක් ඇමති ආරක්ෂක සේවයේ ද සේවය කර තිබෙනවා. අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබූ අතර අද (03) අලුයම ඔහුගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇත.

මියගොස් ඇති තරුණිය ලිනියාකුමාර දුලනිගේ දිලිනි යසෝධා ජයසූරිය, කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවට හඳුනාගෙන තිබෙනවා. ඇයගේ සොයුරා ප්‍රාදේශිය දේශපාලඥයෙකි.

කෙසේ වෙතත් එම මළ සිරුරේ හිස නොමැති නිසා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබා ගත් තොරතුරු අනුව විමර්ශනවලින් පොලීසිය නිරීක්ෂණය කර ඇත්තේ බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමඟ හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරයයි. ඒ අනුව, ඔවුන් දෙදෙනා පෙබරවාරි 28 වන දින එම ලැගුම්හලට පැමිණ ඇති බව හෙළි වී ඇත.

පසුව මාර්තු පළමුවන දින පෙරවරු 11ට පමණ මෙම සැකකරු ලැගුම්හලෙන් බෑගයක් සමඟ පිටව ගොස් ඇති බව ද හෙළි වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top