සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 483කි.
477 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවකි. 2021 මාර්තු 01 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, උග්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනයයි.
478 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි. 2021 මාර්තු 01 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.
479 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 මාර්තු 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
480 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 01 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ශ්වසන පද්ධතිය අක්‍රීය වීමයි.
481 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 මාර්තු 02 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.
482 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 01 දින මියගොස් ඇත.
483 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 02 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ පෙනහළු පිළිකා රෝගී තත්ත්වයකි.
