සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මාස 09 ක් වයසැති බිළිඳෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝවේ සිටින එම බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ යාපනය අරියාලෙයි නාවල්අඩි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
24 හැවිරිදි සැකකාරිය මීට මාසයකට පමණ පෙර අදාළ බිළිඳාද සමග කුවේට් රාජ්‍යයේ සිට පැමිණ තිබෙනවා. බිළිඳා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාරිය යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට එරෙහිව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කලා.
