ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 83,552ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (01) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 310 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 291 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 12 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයින් 7 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 60
- ගම්පහ දිස්ත්‍රික්කය – 40
- රත්නපුර දිස්ත්‍රික්කය – 34
- යාපනය දිස්ත්‍රික්කය – 24
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 19
- ගාල්ල දිස්ත්‍රික්කය – 19
- කෑගල්ල දිස්ත්‍රික්කය – 18
- මාතලේ දිස්ත්‍රික්කය – 17
- අම්පාර දිස්ත්‍රික්කය – 13
- මහනුවර දිස්ත්‍රික්කය – 11
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 10
- මඩකලපුව දිස්ත්‍රික්කය – 07
- කළුතර දිස්ත්‍රික්කය – 06
- බදුල්ල දිස්ත්‍රික්කය – 05
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 05
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
- මන්නාරම දිස්ත්‍රික්කය – 04
- මාතර දිස්ත්‍රික්කය – 02
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
- වව්නියාව දිස්ත්‍රික්කය – 01
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 3654ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 79,422 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 05 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 476ක් ලෙස සටහන් වේ.
