පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබියදී හමු වූ කාන්තා මළ සිරුරක් සහිත බෑගය සැකකරු රැගෙවිත් තිබෙන්නේ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන පිටකොටුව – හංවැල්ල බස් රථයක බවට හෙළි වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, වේල්ල වීදිය ප්‍රදේශයේ සීසීටීවි කැමරාවක සටහන් වූ දර්ශන විමර්ශනය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.
ඒ අනුව, අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව තහවුරු කර ගෙන තිබේ.
මේ අතර, කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද (02) දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ (01) දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) සොයා ගත් අතර පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවයි.
පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ එම සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.
