Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 476ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 476කි.

472 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ පිත්තාශයේ පිළිකා රෝගී තත්ත්වයකි.

473 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

Giraya News Alerts

474 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

475 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහනුවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

476 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලක රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 01 වනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ හෘදය අක්‍රීය වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top