Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා සැදී සිටියදී පැන ගිය යාචකයා සොයයි

දඹුල්ල රෝහලේ කොරෝනා වෛරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (1) දින සිට ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය කියයි .

දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවළක් දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබේ. ඒ අනුව යුවළට සිදුකරන ලද පරීක්ෂණයක දී කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන ඇත .

රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිඳ දමා රෝහලෙන් පැනගොස් ඇති බව වෛද්‍ය අධිකාරිවරයා පොලිසියට දැනුම් දී තිබේ.

Giraya News Alerts

ඒ අනුව පොලිසිය ප්‍රදේශයේ පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරමින් ඇත්තේ මෙම සැකකරු සොයා ගැනීම සඳහායි. ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාව කර ගනිමින් මෙම කොරෝනා වැළදුණු යාචක පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top