පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ දී නීති විද්‍යාලයේ සිසුවෙකු වන මිගාර ගුණරත්නට පහර දීමේ සිද්ධියට අදාළ විමර්ශන පෑලියගොඩ පොලීස් ස්ථානයෙන් ඉවත් කර විශේෂ විමර්ශන ඒකකයක් වෙත පවරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය නියෝග කර තිබෙනවා.
එමෙන්ම, මිගාර ගුණරත්න නමැත්තා විසින් පොලිස් රාජකාරියට බාධා කර ඇති බවට කියන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශන කටයුතු සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙන්ම පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ විමර්ශන අපක්ෂපාති හා ස්වාධීන ආකාරයෙන් සිදුකිරීම සඳහා එය පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත්කොට වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් වෙත යොමුකරන ලෙස ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට අදාළව පැමිණිල්ල යළි ලබන 15 වනදා කැඳවීමට නියම කළේය.
