Advertise with Giraya
NEWS

පෙබ. 27 වැඩිම ආසාදිතයින් රත්නපුර දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 82,890ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (27) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 460 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 425 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 35 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • රත්නපුර දිස්ත්‍රික්කය – 62
  • යාපනය දිස්ත්‍රික්කය – 59
  • ගම්පහ දිස්ත්‍රික්කය – 51
  • මහනුවර දිස්ත්‍රික්කය – 50
  • කොළඹ දිස්ත්‍රික්කය – 40
  • මාතර දිස්ත්‍රික්කය – 35
  • ගාල්ල දිස්ත්‍රික්කය – 21
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 18
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
  • බදුල්ල දිස්ත්‍රික්කය – 16
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 10
  • කළුතර දිස්ත්‍රික්කය – 09
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 07
  • මාතලේ දිස්ත්‍රික්කය – 03
  • පුත්තලම දිස්ත්‍රික්කය – 03
  • වව්නියාව දිස්ත්‍රික්කය – 03
  • අම්පාර දිස්ත්‍රික්කය – 02
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 02
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 02
  • මන්නාරම දිස්ත්‍රික්කය – 02
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍4053ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 78,373 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි කිසිදු මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර නොමැත. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 464ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top