හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි නවම් මහා පෙරහැර ඉතා අලංකාරවත් ලෙස ඊයේ (26) රාත්‍රියේ වීථි සංචාරය කර තිබෙනවා.
පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබුණා.
ජනාධිපතිතුමා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
උඩරට, පහතරට, සබරගමු නර්ථනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේ ද සහභාගීත්වය මෙවරත් නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබුණි.
