Advertise with Giraya
NEWS

පෙබ. 26 දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 82,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (26) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 497 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින්ගෙන් 487 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. තවත් ආසාදිතයින් 10 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (26) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයෙන් ය. ඒ ආසාදිතයින් 30ක් වේ. මීට අමතරව නුවරඑළිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 26ක් ද, මිරිහාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 24ක් ද වාර්තා වී ඇත.

Giraya News Alerts

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 151
  • ගම්පහ දිස්ත්‍රික්කය – 89
  • මාතර දිස්ත්‍රික්කය – 39
  • රත්නපුර දිස්ත්‍රික්කය – 37
  • මහනුවර දිස්ත්‍රික්කය – 27
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 29
  • මාතලේ දිස්ත්‍රික්කය – 23
  • ගාල්ල දිස්ත්‍රික්කය – 17
  • කළුතර දිස්ත්‍රික්කය – 15
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 13
  • මුලතිව් දිස්ත්‍රික්කය – 12
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 12
  • යාපනය දිස්ත්‍රික්කය – 07
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 06
  • මොණරාගල දිස්ත්‍රික්කය – 04
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
  • මන්නාරම දිස්ත්‍රික්කය – 02
  • අම්පාර දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍4341ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 77,625 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (26) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 05ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 464ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top