සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 464කි.
460 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නවදගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර වූ වකුගඩු ආබාධය සහ අධි රුධිර පීඩනයයි.
461 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නාරාහේන්පිට පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමග ලේ විෂවීමේ කම්පනයයි.
462 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහනුවර ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු අක්‍රීය වීමයි.
463 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
464 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීමේ කම්පනය සහ පිළිකා රෝගී තත්ත්වයකි.
