ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (26) පස්වරු 6.00 වන විට 82,180ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 247 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එමෙන්ම, අද (26) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 664 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 77,625 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 4096ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 459කි.
