Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මිගාර ගුණරත්නට කළ පහරදිම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, එම සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන තෙක් පහර දීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කලේ එලෙස පොලිස් ස්ථානයක් තුලදී පහරදීම සම්බන්ධයෙන් කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Giraya News Alerts

පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාර ගුණරත්න හට පොලිස් නිලධාරීන් විසින් මෙලෙස අමානුෂික ලෙස පහරදී තිබුණු අතර සිද්ධියෙන් තුවාල ලැබූ නීති සිසුවා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතීඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ධූරයට තේරී පත් වූ නීතීඥ සාලිය පීරිස් ද සිය අප්‍රසාදය පළකොට තිබුනා.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top