Advertise with Giraya
NEWS

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපතිට

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලැබී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එම පිටපත ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුවාය.

මේ අතර නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ විමර්ශන කොමිසමේ සැසියන්ට අදාළ සියලු ලිපි ලේඛණ (වෙළුම 2-5) නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top