Advertise with Giraya
NEWS

‘අරුග්ගොඩ සලිඳුගේ’ හෙරොයින් කිලෝ 45ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අරුග්ගොඩ සලිදු” නැමැත්තාට අයත් හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළු දෙදෙනෙකු හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල නායකයකු වන මිදීගම චින්තක හෙවත් “හරක් කටා” නමැත්තාගෙන් මත්කුඩු තොගය ලබාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා පැමිණෙමින් සිටියදී ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, අදාළ වෑන් රථය යුද හමුදා රථයක් බවට හැඟවෙන පරිදි අංකයක් ද ප්‍රදර්ශනය කර තිබූ බවය.

Giraya News Alerts

එහි රියදුරු ලෙස ගමන් කළ පුද්ගලයාත් යුද හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අතර ඔහු යුද හමුදාවේ සේවය කරන සෙබෙළෙකු බවට හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ, අදාළ සෙබළාට එරෙහිව හමුදා නීතිය යටතේ පියවර ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇති බවය.

වෑන් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය නිලධාරියෙකු බවට අනාවරණය වී ඇත.

දකුණු අධිවේගී මාර්ගයේ ඉමදූව ප්‍රදේශයෙන් මෙම වෑන් රථය අධිවේගී මාර්ගයට පිවිස ගැලනිගම ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයෙන් ඉවත් වී ගමන් කරඇති බවට වාර්තා වී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top