ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 81,467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (24) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 458 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 492 දෙනා ම පෑළියගොඩ පොකුරට අයත් වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 94
- ගම්පහ දිස්ත්රික්කය – 76
- රත්නපුර දිස්ත්රික්කය – 59
- මහනුවර දිස්ත්රික්කය – 38
- කුරුණෑගල දිස්ත්රික්කය – 28
- නුවරඑළිය දිස්ත්රික්කය – 25
- කළුතර දිස්ත්රික්කය – 22
- මාතලේ දිස්ත්රික්කය – 22
- මාතර දිස්ත්රික්කය- 18
- හම්බන්තොට දිස්ත්රික්කය – 15
- බදුල්ල දිස්ත්රික්කය – 12
- අම්පාර දිස්ත්රික්කය – 12
- මොණරාගල දිස්ත්රික්කය – 09
- ගාල්ල දිස්ත්රික්කය – 07
- යාපනය දිස්ත්රික්කය – 05
- කෑගල්ල දිස්ත්රික්කය – 05
- මුලතිව් දිස්ත්රික්කය – 02
- අනුරාධපුර දිස්ත්රික්කය – 02
- මඩකලපුව දිස්ත්රික්කය – 02
- පුත්තලම දිස්ත්රික්කය – 01
- පොළොන්නරුව දිස්ත්රික්කය – 01
- වව්නියාව දිස්ත්රික්කය – 01
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 01
- මන්නාරම දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 4496ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 76,514 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (24) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 04ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 457ක් දක්වා ඉහළ ගොස් ඇත.
